ඔස්ට්‍රෙලියාවෙන් බිහි වූ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා එක්දින තරග රටාවට තිත තබයි

ජාත්‍යන්තර එක්දින තරග පිටියෙන් සමු ගැනීමට ඔස්ට්‍රෙලියාවේ තුන් ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොයිනිස් තීරණය කර තිබෙනවා.

ඔහු සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ අනුව එළඹෙන චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් ද ස්ටොයිනිස් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

ඔහු ශ්‍රී ලංකවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය පැවැත්වීමට දින කිහිපයක් තිබියදි මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීම ද දැඩි කතාබහක් මතු කර තිබෙනවා.

ස්ටොයිනිස් ප්‍රකාශ කර ඇත්තේ තමන් එක්දින රටාවෙන් ඉවත් වන්නේ වැඩිවශයෙන් ම පන්දුවාර 20 තරග සඳහා දායක වීම වෙනුවෙන් බවයි.

35 හැවිරිදි ස්ටොයිනිස් එක්දින තරග 71කට ක්‍රීඩා කර ඇති අතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස ලකුණු 1495ක් ලබාගෙන සිටිනවා.

ඔහු 2017 දී නවසීලන්තයට එරෙහිව නොදැවී ලකුණු 146ක් ලබා ගැනීම ඔහුගේ එක්දින දිවියේ හොඳම පිතිකරණයයි.

ඊට අමතරව ඔහු කඩුලු 48ක් බිඳ දමා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56