ගුංගමුව ඇළෙන් හමු වූ මළසිරුර

දිනකට පෙර අතුරුදන් වූ වයෝවෘද්ධ අවිවාහක පුද්ගලයෙකුගේ මළසිරුරක් ගුංගමුව ඇළෙන් හමු ව තිබෙනවා.

බණ්ඩාරගම පොලිසිය පැවසුවේ 88 හැවිරිදි ගුංගමුව – ගල්පොත්තවත්ත හි පදිංචි ව සිටි හේරැස් සිංඤෝ නමැත්තෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

සිය ඥාති පුතෙකුට අයත් ගවයකු බලා කියාගැනීමේ කටයුතු සිදු කළ මෙම තැනැත්තා ගවයින් රැගෙන යමින් සිටි අවස්ථාවක දී ඇළට ඇද වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ගවයා පමණක් නිවසට පැමිණීමත් සිය ඥාතියා නිවසට නොපැමිණීමත් සම්බන්ධයෙන් ඥාතීන් හා අසල්වාසීන් සමග එදින රාත්‍රී සොයා බැලුව ද කිසිදු තොරතුරක් සොයා ගැනීමට හැකි වී නැහැ.

ඊයේ (29) සවස අසල්වාසියකු ගුංගමුව ඇළ අසලට යාමේ දී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ සිරුර ඇළෙහි පාවෙමින් තිබෙනු දැක මේ බව පොලිසිය වෙත දැනුම්දීමට පියවර ගැනුණා.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර සිරුර හොරණ මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14