ජනපතිගේ චීන සංචාරයේ තෙවැනි දිනය සාර්ථක ව අවසන් – හෙට තවත් තීරණාත්මක සාකච්ඡා (වීඩියෝ)

චීනයේ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයක් නැරඹීමට මෙන් ම දුප්පත්කම තුරන් කිරීම සඳහා ආදර්ශයක් වන චීන ගම්මානයක් නැරඹීමට ද නිල සංචාරයේ සිව්වැනි සහ අවසන් දිනය වන හෙට (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්වනවා.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කරමින් සඳහන් කළේ අද (15) දිනයෙන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයේ තෙවැනි දිනය ද සාර්ථක ලෙස නිමා කෙරුණු බවයි.

මීට අමතර ව හෙට දින දී ජනාධිපතිවරයා සිචුවාන් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා සමඟ ද විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිත ව තිබෙනවා.

සිය චීන රාජ්‍ය සංචාරයේ තෙවන දිනය වන අද දින ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් අත්කර දෙන විශේෂ සාකච්ඡා කිහිපයකට එක් වූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද පෙරවරුවේ විශේෂ ආයෝජන සැසියක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර චීනයේ ප්‍රමුඛ පෙළේ සමාගම්වල ප්‍රධානීන් සහ නියෝජිතයින් ඊට එක්ව සිටියා.

ඉන් අනතුරුව ලෝක ප්‍රකට වෙළෙඳ නාම සහිත සමාගම් රැසක නියෝජිතයන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා වට කිහිපයකට එක් වූ අතර චයිනා පෙට්රොකෙමිකල් සංස්ථාව – සයිනොපෙක් සමූහය (China Petrochemical Corporation -SINOPEC Group), චයිනා සන්නිවේදන ඉදිකිරීම් සමාගම (China Communications Construction Company Ltd (CCCC), චයිනා මර්චන්ට් සමූහය (China Merchants Group (CMG), හුවාවි (Huawei) සහ වාහන නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රකට සමාගමක් වන බී.වයි.ඩී (BYD Auto) සමාගම ඇතුළු මහා පරිමාණ සමාගම් රැසක් ඊට අයත්.

සයිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඩොලර් බිලියන 3.7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක් ශ්‍රී ලංකාවට අත්පත් කර දෙමින් හම්බන්තොට තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළ ගිවිසුමට එළැඹීම ද සිදු කෙරුණා.

මේ අතර අද පස්වරුවේ චීන මහජන විරුවන්ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ජනාධිපතිවරයා එක් වුණා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජී මහතා අතර හමුවක් ද පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවයි.

චීන – ශ්‍රී ලංකා අතීත මිතුදම සිහිපත් කරමින් ඉතා ඵලදායී සාකච්ඡාවකට මෙහිදී ජනාධිපතිවරයා සහ චීන අග්‍රාමත්‍යවරයා එක් වූ අතර “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” ඇති කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට චීනයේ සහාය ලබාදෙන බව චීන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරු ද ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරයට එක් ව සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35