සෝමාවතියට එන මග යළිත් යට වෙයි – අදත් කාලගුණය කැලඹෙන ලකුණු

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වලත් මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු ම සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයිනේ උතුරු මැද ඇතුළු පළාත් කිහිපයකට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් තිරප්පනේ ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා.

ඊයේ (14) දවස පුරා එම ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවෙන් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහළ අඹතලේ ප්‍රදේශයේ නිවාස කිහිපයක් මෙලෙස යට වී ඇති බවයි වාර්තා වූයේ.

නිවාස තුළ ජලය පිරී තිබීම හේතුවෙන් එම නිවෙස්වල තිබු දේපොළ ද විනාශ වී ඇති බවත් දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

එමෙන්ම මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පුදබිමට ගමන් කරන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවන කටයුතු නවතා තිබෙනවා.

එම පුදබිමට පැමිණෙන බැතිමතුන්ව ට්‍රැක්ටර් රථ යොදාගනිමින් විහාරය වෙත රැගෙන එන බවයි වාර්තා වන්නේ.

සුංගාවිල – සෝමාවතිය මාර්ගය මෙලෙස ජලයෙන් යට වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01