බුද්ධි ගලනය නැවැත්වීමට රජය සෑම උත්සාහයක්ම ගන්නවා – නියෝජ්‍ය ආරක්‍ෂක ඇමති

සෑම කෙනෙකුටම අවස්ථාවන්ගෙන් පිරුණු යහපත් පරිසරයක් නිර්මාණය කරමින් රට වර්තමානයේ මුහුණ දී සිටින බුද්ධි ගලනය නැවැත්වීමට සෑම උත්සාහයක්ම ගන්නා බව නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසනවා.

ඒ, සඳහා වත්මන් රජය අධ්‍යාපනයට ප්‍රමුඛස්ථානයක් දී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

රත්මලාන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ සංචාරයකට ඊයේ (09) පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව සඳහන් කර සිටියේ.

විනය සහ යහපත් හැසිරීම පවත්වා ගනිමින් තරුණ පරපුරට දැනුම සහ කුසලතා පදනම් කරගත් අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළා.

ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම පාලනයක් හා විනයගරුක ප්‍රවේශයක් තුළින් නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීමට හැකිවන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එමෙන්ම සෑම කෙනෙකුම වගකීමෙන් කටයුතු කරන සමාජයක් තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී තරුණ උපාධි අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය වෙතින් ලබාගත හැකි අධ්‍යාපනය හොඳින් ලබාගෙන රටේ සංවර්ධනයට දායකවන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
00:00
Video thumbnail
වීඩියෝවක් පෙන්වා පාස්කු ප්‍ර#රය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - වග කියන්න ඕනි එකාට ම#ණ දඩුවම දෙන්න ඕනි
06:41
Video thumbnail
අපි නාමල්ට කියන ස්ටිකර් ගහන්න කාලය හරි?
06:38
Video thumbnail
පොහොට්ටුව හදිසියේ ආණ්ඩුව අමතයි - ඉල්ලීම් 10ක් කරයි
29:54
Video thumbnail
ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යමින් තියෙන්නේ - මේක හොඳ තත්ත්වයක්
05:00
Video thumbnail
රණවිරුවෙක්ගේ අතින් අල්ලාගෙන තිස්සකුට්ටි දීපු පොරොන්දුව
01:04
Video thumbnail
අලුත් බස් රථයේ රිබන් කපලා මාලිමා මන්ත්‍රීතුමා ඇතුලට ගිය හැටි
01:05
Video thumbnail
මුළු ගමම අඳුරු කරමින් ගමට පැන්න හොරු කරලා ගිය වැඩේ
02:00
Video thumbnail
ඩෙංගු වසංගතය තුරන් කරන්න රන්ජන් ජයලාල් ගේමට බහී
05:55
Video thumbnail
තාත්තගේ පාරේ බස් පදින ඩ්‍රයිවර් අයියා
00:40