ගල්කිස්සේ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක්

ගල්කිස්ස, වටරප්පල පාරේ පිහිටි නිවසක අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් යොදාගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

වෙඩි තැබීමෙන් මියගිය එක් පුද්ගල්ලක් 36 හැවිරිදි වියේ පසු වූ අතර අනෙක් පුද්ගලයා 20 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

දැනට ඩුබායි හි සිටින බවට සැලකෙන ‘බඩෝවිට අසංක’ සහ කොස් මල්ලි’ නමැති සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ දෙදෙනා බඩෝවිට අසංක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයින් බවයි හෙළි වී ඇත්තේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීම මෙම වසරේ මුල් දින හත තුළ වාර්තා වූ දෙවන වෙඩි තැබීම වන අතර, පළමු වෙඩි තැබීම පසුගිය 04 වනදා වැලිගම, වල්ලිවෙල ප්‍රදේශයේ දී සිදුවූ අතර, එහිදී 26 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

  1. Janadipathi sahodaraya munwa hoyala Ella mara damanu.. oba wada karayak nam maranna daduwama nawatha panawanu.. ubatha IMF bath balayek nam sinhala bodunu rata ewarayu…ubata sathutuyi da Dan…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42