ගල්කිස්සේ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක්

ගල්කිස්ස, වටරප්පල පාරේ පිහිටි නිවසක අලුයම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

එක් අයෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මිලිමීටර් 09 වර්ගයේ පිස්තෝලයක් යොදාගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

වෙඩි තැබීමෙන් මියගිය එක් පුද්ගල්ලක් 36 හැවිරිදි වියේ පසු වූ අතර අනෙක් පුද්ගලයා 20 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

දැනට ඩුබායි හි සිටින බවට සැලකෙන ‘බඩෝවිට අසංක’ සහ කොස් මල්ලි’ නමැති සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ දෙදෙනා බඩෝවිට අසංක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයින් බවයි හෙළි වී ඇත්තේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීම මෙම වසරේ මුල් දින හත තුළ වාර්තා වූ දෙවන වෙඩි තැබීම වන අතර, පළමු වෙඩි තැබීම පසුගිය 04 වනදා වැලිගම, වල්ලිවෙල ප්‍රදේශයේ දී සිදුවූ අතර, එහිදී 26 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

  1. Janadipathi sahodaraya munwa hoyala Ella mara damanu.. oba wada karayak nam maranna daduwama nawatha panawanu.. ubatha IMF bath balayek nam sinhala bodunu rata ewarayu…ubata sathutuyi da Dan…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39