හොර පාස්පෝට්වලින් රට පනින්න හැදූ දෙදෙනකු අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කළ මෙරට ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර හරහා එංගලන්තය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද (31) දින කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් අතරින් පළමු වැන්නා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙක් බවයි වාර්තා වූයේ.

ඔහු අද උදෑසන 07.10ට නේපාලයේ – කත්මණ්ඩු නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරන ගුවන් යානයට පිවිසීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

සැකකරු සියලුම ගුවන් සේවා නිෂ්කාශන කටයුතු නිම කර, විගමන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් වෙත පැමිණ සිටියදී ඔහුගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ එම නිලධාරීන්, ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වූ කරුණු අනුව, වැඩිදුරටත් ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේ දී, ඒවා තුළ සඟවා තිබූ ඔහුගේ රුවට සමාන රුවක් යොදා, ඔහුගේ ජීව දත්ත තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර තිබූ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ද සොයා ගැනීමට හැකි ව තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර, එහිදී ඔහුත් සමග තවත් මෙවැනි ම කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් රැගත් පුද්ගලයෙකු මේ වනවිට, ගුවන් තොටුපොළ සියලුම නිෂ්කාශන කටයුතු නිමා කර, ඉන්දීය ගුවන් යානය වෙත පිවිසී සිටින බවයි හෙළි ව ඇත්තේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ආගමන විගමන නිලධාරීන්, එම ගුවන් යානය තුළට පිවිස, මෙම ගුවන් මගියා සෙවීමේ කටයුතු ආරම්භ කළා.

ඒ වනවිටත් එම ගුවන් මගියා ඔහුට හිමි ආසනය මගහැර වෙනත් මගියෙකුගේ ආසනයෙහි අසුන් ගෙන සිටි බවයි වාර්තා වන්නේ.

මෙම පසුබිම යටතේ ඉන්දීය ගුවන් සේවිකාවන්ගේ ද සහාය ඇතිව එම ගුවන් මගියා හඳුනාගෙන අත්අඩංගුවට ගැනුණා.

ඔහු වව්නියාව – අක්කරායන්කුළම් ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයෙක්.

මෙසේ අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32