2025 පිළිගත් ලොව පළමු රට කිරිබාටි – එංගලන්තයේ සැමරුම් අවලංගුයි

2024 වර්ෂයට සමු දී 2025 වර්ෂය ලෝකයේ පළමු උදාව ලෙස කිරිබාටි රාජ්‍යය පිළිගත්තා.

කිරිබාටි රාජ්‍යය පිහිටා ඇත්තේ මධ්‍යම පැසිෆික් සාගර කලාපයේ යි.

මෙය ක්‍රිස්මස් දූපත ලෙසට ද හැඳින්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට පමණ කිරිබාටි රාජ්‍යය වෙත නව වසර උදා වීම සිදු වුණා.

කිරිබාටි දූපතෙහි වේලාව ඉන්දියාවට වඩා පැය 8.5ක් ඉදිරියෙන් සහ ග්‍රිනිච් වේලාවට වඩා එය පැය 14ක් ඉදිරියෙන් ගමන් කරනවා.

කිරිබාටි දූපත නව වසර පිළි ගැනීමෙන් මිනිත්තු 15කට පසුව නවසීලන්තයේ චැතම් දූපත් සමූහය 2025 වසර පිළිගනු ලැබුවා.

මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ෆීජි දූපතේ කොටසක්, ඔස්ට්‍රෙලියාවේ මුෂ්, ජපානය හා දකුණු කොරියාව, චීනය, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං හා පිලිපීනයටත් මේ වනවිට නව වසර උදා වී අවසන්.

නව වසර සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරයි.

එහිදී නගර වැසියන් ගිනිකෙළි සංදර්ශන පෙන්වා 2025 වර්ෂය පිළිගත්තා.

නමුත් මහා බ්‍රිතාන්‍යයේ නව වසර පිළිගැනීම් සමහර ප්‍රාන්තවල අවලංගු කර තිබෙනවා.

ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එරට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනතුරු ඇඟවීම් පවා ඇතැම් ප්‍රාන්තවලට නිකුත් කර තිබෙනවා.

එඩින්බරෝ හි තද සුළං සහ අධික වර්ෂාව මීට හේතුව වන අතර ස්කොට්ලන්තයේ විශාලතම සැමරුම වන හොග්මනයි හි සැමරුම මෙන් ම එළිමහන් උත්සව ද බ්ලැක්පූල් නගර උත්සව ද එරට බලධාරීන් අවලංගු කර ඇති බවයි බීබීසී මාධ්‍යය පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12