AFC Banner
AFC Banner
Empty Ad

2025 පිළිගත් ලොව පළමු රට කිරිබාටි – එංගලන්තයේ සැමරුම් අවලංගුයි

2024 වර්ෂයට සමු දී 2025 වර්ෂය ලෝකයේ පළමු උදාව ලෙස කිරිබාටි රාජ්‍යය පිළිගත්තා.

කිරිබාටි රාජ්‍යය පිහිටා ඇත්තේ මධ්‍යම පැසිෆික් සාගර කලාපයේ යි.

මෙය ක්‍රිස්මස් දූපත ලෙසට ද හැඳින්වෙනවා.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට පමණ කිරිබාටි රාජ්‍යය වෙත නව වසර උදා වීම සිදු වුණා.

කිරිබාටි දූපතෙහි වේලාව ඉන්දියාවට වඩා පැය 8.5ක් ඉදිරියෙන් සහ ග්‍රිනිච් වේලාවට වඩා එය පැය 14ක් ඉදිරියෙන් ගමන් කරනවා.

කිරිබාටි දූපත නව වසර පිළි ගැනීමෙන් මිනිත්තු 15කට පසුව නවසීලන්තයේ චැතම් දූපත් සමූහය 2025 වසර පිළිගනු ලැබුවා.

මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ෆීජි දූපතේ කොටසක්, ඔස්ට්‍රෙලියාවේ මුෂ්, ජපානය හා දකුණු කොරියාව, චීනය, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං හා පිලිපීනයටත් මේ වනවිට නව වසර උදා වී අවසන්.

නව වසර සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරයි.

එහිදී නගර වැසියන් ගිනිකෙළි සංදර්ශන පෙන්වා 2025 වර්ෂය පිළිගත්තා.

නමුත් මහා බ්‍රිතාන්‍යයේ නව වසර පිළිගැනීම් සමහර ප්‍රාන්තවල අවලංගු කර තිබෙනවා.

ඒ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බවයි පැවසෙන්නේ.

එරට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් කාලගුණ අනතුරු ඇඟවීම් පවා ඇතැම් ප්‍රාන්තවලට නිකුත් කර තිබෙනවා.

එඩින්බරෝ හි තද සුළං සහ අධික වර්ෂාව මීට හේතුව වන අතර ස්කොට්ලන්තයේ විශාලතම සැමරුම වන හොග්මනයි හි සැමරුම මෙන් ම එළිමහන් උත්සව ද බ්ලැක්පූල් නගර උත්සව ද එරට බලධාරීන් අවලංගු කර ඇති බවයි බීබීසී මාධ්‍යය පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල් ප්‍රශ්නයට - රිලවෙක් අල්ලගත්තා / විදුලි ප්‍රශ්නයට - වඳුරෙක් අල්ලගත්තා
03:33
Video thumbnail
ලංකාව දැන් ටින්මාලු වලින් ස්වයංපෝෂිතයි...
04:42
Video thumbnail
මිනිස්සු දැවෙන ප්‍රශ්න වලට ආණ්ඩුවේ අවධානයක් නැද්ද?
02:26
Video thumbnail
සමාජ මාධ්‍ය ජාලාවලින් ආපු ජනාධිපතිට - වැඩ බැරි බව ඔප්පු වෙලා තියෙනවා - අක්කගේ කටේ සද්දේ
07:53
Video thumbnail
මල පැනපු අපිලගේ සාදු අමු ගොයම් ගස් වළඳයි
10:24
Video thumbnail
කොල්ලන්ගේ යකඩ හීන බොඳකර ලොක්කන්ට ගේන්න යන සැපවහන
05:54
Video thumbnail
ගුරු විදුහල්පති උද්ඝෝෂණයෙන් ඉසුරුපාය රත්වෙයි - උලපනේ සුමංගල හිමිගෙන් ලොකු සද්ධයක්
07:15
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක බොරු කියයි ? දොලවත්ත උසාවියෙන් එළියට ඇවිත් කියයි
03:51
Video thumbnail
BREAKING NEWS 🔴ඉසුරු පාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්
01:43
Video thumbnail
අද රෝහිතට හොඳටම තරහා ගිහිං
11:37

?