රතු වරෙන්තු නිකුත් කර තිබූ අඹු – සැමි යුවළක් අත්අඩංගුවට

ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තුකරුවන් ලෙස නම්කර සිටි; මෙරටින් පලා ගිය අඹු – සැමි යුවළක් සහ ඔවුන්ගේ බාලවයස්කාර දරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ දී මෙම සැකකරුවන් යුවළ සිය දරුවා ද රැගෙන නැවති කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදියි අත් අඩංගුවට ගැනුණේ.

මෙරට තුළ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචා සිදු කර ඇති බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

කොළඹ – 05 ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි අහමඩ් සරීම් මොහොමඩ් සියාබ්, ඔහුගේ බිරිඳ 43 හැවිරිදි ෆාතිමා පර්සානා මර්කාබ් සහ ඔවුන්ගේ 14 හැවිරිදි දරුවා ඉකුත් 2021 වසරේ දී බෝට්ටු මගින් ඉන්දියාව වෙත පලා ගොස් තිබුණා.

ඔවුන් ඒ වනවිට ශ්‍රී ලංකාව පුරා මූල්‍ය වංචා විශාල වශයෙන් සිදු කර තිබූ අතර, ඔවුන්ට එරෙහිව කොළඹ , ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවල අධිකරණ මගින් ගුවන් ගමන් තහනම් 08ක් ද පනවා තිබියදියි රටින් හොර රහසේ ම පලා ගොස් ඇත්තේ.

සැකකරු සහ ඔවුන්ගේ බාල වයස්කාර දරුවා ඊයේ දහවල් ඉන්දියාවේ සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉන්පසුව ඔහුගේ බිරිඳ ද එදින රාත්‍රීයේ ඉන්දියාවේ සිට තවත් ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් පිළිබඳ මූලික විමර්ශන කටයුතු සිදු කළ කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ මූල්‍ය සහ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වෙත අද (27) අලුයම භාර කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12