මාරකයක් වූ හැටන් බස් රථ අනතුරට හේතුව හෙළි වෙයි – බසය ධාවනයට නුසුදුසු එකක් (ඡායාරූප)

පසුගියදා (21) හැටන් – මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වීමේ සිද්ධියට අදාළ ව පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා.

අනතුරට පත් වූ බස් රථයේ රියදුරු දොරේ අගුල ක්‍රියා විරහිත වී තිබීම හේතුවෙන් දොර විවෘත වී ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා මේ බව තහවුරු කළ ඇති අතර එම කාරණය අධිකරණය හමුවේ දී නෛතික ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

මෙම බස් රථයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති දැයි අද (23) දින සොයා බැලුණේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක දමින්ද සේනානායක මහතා විසින්.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලීමක් මත පොලිස් භාරයේ ඇති අනතුරට පත් බස්රථය ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයාගේ විමර්ශනයට ලක් කෙරුණා.

කලක සිට මෙම බස්‍ රථයේ රියදුරු අසුනේ දොරගුල අක්‍රීය තත්ත්වයේ පැවති නිසා බවත්; දොර වසා ඇත්තේ තාවකාලික ක්‍රමයක් අනුගමනය කරමින් බවත් හෙළි ව තිබෙනවා.

රියදුරුගේ ආරක්ෂිත බද පටිය ද එහි නොමැති බවත්, බස් රථය තුළ අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවිකර තිබීම හේතුවෙන් මගීන් තිදෙනෙකු මියයාමට එය ද හේතුවක් වන්නට විය හැකි බවත් හෙළි වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

බස් රථයේ ආසන ප්‍රමිතියකට සවිකර නොතිබීම නිසා ආසන සියල්ල ගැලවී ගොස් එකිනෙක ගැටීමෙන් මගීන්ට සිදු වූ තුවාල බරපතළ වී ඇති බවත් වාර්තා වනවා.

මගී ප්‍රවාහන වාහන තුළ අමතර උපාංග කිසිවක් සවි කිරීමට ඉඩ නොදෙන ලෙසත් එසේ සවිකර ඇති උපාංග සියල්ල ම ගලවා ඉවත් කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා රථ වාහන පොලිසියට දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

12
11
6
7
8
9
10
4 2
3 2
2
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
0
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00