මාරකයක් වූ හැටන් බස් රථ අනතුරට හේතුව හෙළි වෙයි – බසය ධාවනයට නුසුදුසු එකක් (ඡායාරූප)

පසුගියදා (21) හැටන් – මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වීමේ සිද්ධියට අදාළ ව පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා.

අනතුරට පත් වූ බස් රථයේ රියදුරු දොරේ අගුල ක්‍රියා විරහිත වී තිබීම හේතුවෙන් දොර විවෘත වී ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික් මෝටර් රථ පරීක්ෂකවරයා මේ බව තහවුරු කළ ඇති අතර එම කාරණය අධිකරණය හමුවේ දී නෛතික ක්‍රියාමාර්ග සඳහා ඉදිරිපත් කිරීමටත් නියමිතයි.

මෙම බස් රථයේ කාර්මික දෝෂයක් හටගෙන ඇති දැයි අද (23) දින සොයා බැලුණේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක දමින්ද සේනානායක මහතා විසින්.

හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ගේ ඉල්ලීමක් මත පොලිස් භාරයේ ඇති අනතුරට පත් බස්රථය ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයාගේ විමර්ශනයට ලක් කෙරුණා.

කලක සිට මෙම බස්‍ රථයේ රියදුරු අසුනේ දොරගුල අක්‍රීය තත්ත්වයේ පැවති නිසා බවත්; දොර වසා ඇත්තේ තාවකාලික ක්‍රමයක් අනුගමනය කරමින් බවත් හෙළි ව තිබෙනවා.

රියදුරුගේ ආරක්ෂිත බද පටිය ද එහි නොමැති බවත්, බස් රථය තුළ අනතුරු සිදුවිය හැකි සුදු යකඩ උපාංග රැසක් සවිකර තිබීම හේතුවෙන් මගීන් තිදෙනෙකු මියයාමට එය ද හේතුවක් වන්නට විය හැකි බවත් හෙළි වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

බස් රථයේ ආසන ප්‍රමිතියකට සවිකර නොතිබීම නිසා ආසන සියල්ල ගැලවී ගොස් එකිනෙක ගැටීමෙන් මගීන්ට සිදු වූ තුවාල බරපතළ වී ඇති බවත් වාර්තා වනවා.

මගී ප්‍රවාහන වාහන තුළ අමතර උපාංග කිසිවක් සවි කිරීමට ඉඩ නොදෙන ලෙසත් එසේ සවිකර ඇති උපාංග සියල්ල ම ගලවා ඉවත් කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයා රථ වාහන පොලිසියට දැනුම්දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

12
11
6
7
8
9
10
4 2
3 2
2
5
  1. siyaluma bus ratha dadi parikshawakata lakkala uthui,riyaduran waida prikshnyakata lakkara oun sudusu Sarika sukayathawayakin pasuwana bawata waidwarthawak thibiya uthui yanadi karunu salakillata bajanya Kala uthui mewani anathuru walakwa ganimata

  2. අපට යාන්ත්‍රික දැනුම නැහැ .නමුත් පාර දිහා බලා ඉන්න කොට ගොඩක් බස් ධාවනයට සුදුසු නැති බව පේනවා . 100,101 බස් බලන්න .

  3. ඕක මොකක්ද ලංකාවට වැරැද්ද බස් එක හදපු සමගමටයී එක ගෙන්වපු සමාගමටයි නදුදාන්න / එතකොට ගැමුණුල වගේ අ ය බෙ රේ යි නේ

  4. ලංකාවේ පෞද්ගලික බස් රියදුරන්ගෙන් 70% ක්පමණ වැරදි කර ක්රිම්නල් මිනුසු . ඔවුන් 1, මොබයිල් පොන් සමඟ රිය එලවයි . රිය සුන සහ දොරේ ලංගම මොබයිල් පොන් රඳවන යකඩින් සවිකර ඇත . මෙව්වා සොයන්න බලය ඇති කෙනෙක් නැහැ . සියලෝම නි දී . නිදි .. ඇහෙරෙන්නෙ ඇක්සිඩන්ට් උනාම අයෙත් පහුවද නිදියනවා ඒ තමයි වල්චර් සත්ව චර්යාව

  5. මොන මූදය් මෝඩ යාද දොරක් ඉබේ ඇරෙන වන බස් එකක් එළවන්නේ . එම රියදිරු මත් වී නොමැතිනම් / ඔය මිනිහ අසිහියෙන් එලෙව්ව කෝල් 1 ක් ගත්ත ඉස්සරහබස් එක සහ පස්සෙන් එන ලංගම බස් ගැන බලන්න ඒ අතරේ වංගුව බස් එක පාලනය ගිලිහෙන බව දන ගෙන දොර රැගෙන පැන්න එක තම සි සි ටීවී එකේ ඇත්තේ / හිමිකරු එක මකල දැම්ම ඔහුගේ මොබයිල් එක හරහා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48