වෙළෙඳසැලක් ඉදිරිපිටින් හමු වූ මළසිරුර

පහරදීමක් හේතුවෙන් මියගිය බවට සැක කරන පුද්ගල මළසිරුරක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ මනක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පයාගලගේ දොන් තුසිත කුමාර නමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.

ජීවිතක්ෂයට පත් වූ තැනැත්තා විවාහ නොවී කාන්තාවක් සමග වාසය කර මීට 15 වසරකට පමණ පෙර වෙන් වී ඇති අයෙක් බවත් හෙළි ව තිබෙනවා.

සැකකරුවන්ට දාව දරුවන් සිටින්නේ එම කාන්තාවගෙන් බවයි පොලිසිය පවසන්නේ.

මියගොස් ඇති තැනැත්තා ඊයේ (22) වැනිදා රාත්‍රියේ මනක්කුලම – දෙමටපිටිය ප්‍රදේශයේ දී කිසියම් පුද්ගලයෙකු සමග ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එම අවස්ථාවේ දී පහරදීමක් ද සිදු වී ඇති බවයි.

පහරකෑමට ලක් වූ පුද්ගලයා සිය ඥාති පුතෙකු කැඳවාගෙන ඇති බවත්; පසුව ඔහු වෙළෙඳසැළක් අසල නැවතී ඇති අතර, ඥාති පුතා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පුද්ගල මළසිරුර හමු ව ඇත්තේ පහරකෑමට ලක් වූ පුද්ගලයා මගින් නැවතුණු වෙළෙඳසැල ඉදිරිපිටදියි.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42