චීන – ඉන්දීය දේශසීමා පිළිබඳ දෙපාර්ශ්වය අතර එකඟතාවක්

චීන – ඉන්දීය දේශසීමා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතයින්ගේ 23 වැනි රැස්වීම අද (19) චීනයේ බෙයිජිං හි දී පැවැත්වුණා.

වසර පහකට පසුව දෙපාර්ශ්වය අතර පැවති පළමු හමුව මෙයයි.

චීනය සහ ඉන්දියාව චීන-ඉන්දියානු දේශසීමා ප්‍රශ්නය සම්බන්ධයෙන් කරුණු 6 ක එකඟතාවකට එහිදී එළඹ තිබෙනවා.

පළමුවැන්න දේශසීමා ප්‍රශ්නය සම්බන්ධයෙන් දෙරට විසින් එළඹ ඇති විසඳුම් පිළිබඳව ධනාත්මකව අදහස් දැක්වීමයි.

දෙවැන්න 2005 වසරේ දී ඇති කර ගත් දේශපාලන මාර්ගෝපදේශක මූලධර්මවලට අනුව දේශසීමා ප්‍රශ්නයට සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි විසඳුම් සොයා ගැනීමේ අවශ්‍යතාව තහවුරු කර තිබීමයි.

තෙවැන්න දෙපාර්ශ්වය දේශසීමා තත්ත්වය තක්සේරු කර දේශසීමාවේ තිරසර සාමය සඳහා දේශසීමා ප්‍රදේශයේ පාලන නීති තවදුරටත් සැකසීමට එකඟ වීමයි.

දේශසීමා හුවමාරුව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම, චීනයේ ටිබෙට් ස්වායත්තයට ඉන්දීය වන්දනාකරුවන්ගේ වන්දනා ගමන් නැවත ආරම්භ කිරීම, දේශසීමා වෙළඳාම ප්‍රවර්ධනය සිව්වැන්නයි.

පස්වන කරුණ ලෙසට, විශේෂ නියෝජිත රැස්වීම් යාන්ත්‍රණය ගොඩනැගීම තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

අවසන් වශයෙන් ලබන වසරේ නව වටයේ විශේෂ නියෝජිත රැස්වීම ඉන්දියාවේදී පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වී තිබෙනවා.

චීන -ඉන්දීය මෙම එකඟතාව කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රසාදය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56