2023 වසරේ අවසන් කිරීමට තිබූ ගුවන් තොටුපොළේ ව්‍යාපෘතියක් ප්‍රමාද වෙලා – බිමල් රත්නායක

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්, නව රජය බලයට පත් වූ පසු සිදු කරන ප්‍රථම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා.

අද (13) පෙරවරුවේ අමාත්‍යවරු මෙලෙස නිරීක්ෂණ චාරිකාවට එක් ව ඇති බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඊට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික ) හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ගුවන් තොටුපොළ නිලධාරීවරු පිරිසක් ද සහභාගී වී සිටියා.

කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවා සපයන විවිධ දෙපාර්තමේන්තු, ආගමන විගමන සහ රේගු පරිශ්‍රය, බැංකු, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන වෙත ද ගොස් අමාත්‍යවරුන් සිය නිරීක්ෂණ සිදු කළා.

මීට අමතරව ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් වෙත ද ගොස්, ඔවුන් සමග ද සාකච්ඡා කිරීමට අමාත්‍යවරුන් පියවර ගත්තා.

මෙම අවස්ථාවේ දී අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය අදහස් පළ කරමින් පැවසුවේ; කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් මගීන් මිලියන 15ක් සඳහා 2023 වසරේ නිමාවට පත් කිරීමට නියමිතව තිබූ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් අයථා ලෙස එළඹෙන 2028 වසර දක්වා පසුපසට ගොස් ඇති බවයි අනාවරණය වූයේ.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසු අමාත්‍යවරු ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08