Empty Ad
AFC Banner
Empty Ad

2023 වසරේ අවසන් කිරීමට තිබූ ගුවන් තොටුපොළේ ව්‍යාපෘතියක් ප්‍රමාද වෙලා – බිමල් රත්නායක

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු යන මහත්වරුන්, නව රජය බලයට පත් වූ පසු සිදු කරන ප්‍රථම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවට එක් වුණා.

අද (13) පෙරවරුවේ අමාත්‍යවරු මෙලෙස නිරීක්ෂණ චාරිකාවට එක් ව ඇති බවයි ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.

ඊට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික ) හර්ෂ අබේවික්‍රම මහතා ඇතුළු ගුවන් තොටුපොළ නිලධාරීවරු පිරිසක් ද සහභාගී වී සිටියා.

කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවා සපයන විවිධ දෙපාර්තමේන්තු, ආගමන විගමන සහ රේගු පරිශ්‍රය, බැංකු, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන වෙත ද ගොස් අමාත්‍යවරුන් සිය නිරීක්ෂණ සිදු කළා.

මීට අමතරව ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් වෙත ද ගොස්, ඔවුන් සමග ද සාකච්ඡා කිරීමට අමාත්‍යවරුන් පියවර ගත්තා.

මෙම අවස්ථාවේ දී අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය අදහස් පළ කරමින් පැවසුවේ; කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් මගීන් මිලියන 15ක් සඳහා 2023 වසරේ නිමාවට පත් කිරීමට නියමිතව තිබූ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් අයථා ලෙස එළඹෙන 2028 වසර දක්වා පසුපසට ගොස් ඇති බවයි අනාවරණය වූයේ.

මෙම නිරීක්ෂණ චාරිකාවෙන් පසු අමාත්‍යවරු ගුවන් තොටුපොළ වෘත්තීය සමිති නියෝජිතයන් සමග ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කතාව කරන අතරතුර හොඳටම තදවුණු අන්කල් සැරටම බැනපු හැටි
02:31
Video thumbnail
ජනපති අනුර තිස්සමහරාම රැලියේ රටටම හෙළිකරපු දේ
18:11
Video thumbnail
සුපුරුදු ස්වරයෙන් ජනපති තිස්සමහරාමය සැරටම අමතපු හැටි
10:31
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන තිස්සමහරාම ජනතා රැලිය - සජීවීව
02:13:36
Video thumbnail
උණුසුම් පිළිගැනීමක් මැද එකපාරටම අනුර තිස්සමහරාම වේදිකාවට ගොඩවෙයි
00:55
Video thumbnail
අඩුවක් නැතිව සෙනග පිරුණු මාලිමාවේ රැලිය දෙවනත් කරපු අපේක්ෂිකාව
07:47
Video thumbnail
වෛද්‍යවරයෙකුට කළ අහස පොළොව නුහුලන වැඩක්
10:58
Video thumbnail
අලිමංකඩ ලුණු ලේවායත් රන් අකුරින් ලියන්නට සුදානම්
09:39
Video thumbnail
උතුම් ශ්‍රී දළදා දැක්මට සියල්ල සූදානම්
00:35
Video thumbnail
පුංචි ඡන්දෙ ගොඩදාගන්න වැඩේට බැහැපු සජිත් ඇක්ෂන් දාලා ආණ්ඩුවට දෙසපු හැටි
09:29

?