කරවිල කිලෝවක් රුපියල් 1000ක් වෙද්දී මාළුමිරිස් 1400ක් වෙයි (වීඩියෝ)

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

අද (12) පෙරවරුවේ දසත ප්‍රාදේශීය වාර්තාකරු කොළඹ එළවළු වෙළඳුන්ගෙන් කළ විමසීම්වලදී ඔවුන් පවසා ඇත්තේ අද දිනයේ වැඩිම මිලකට විකිණෙන්නේ; මාළු මිරිස් සහ කරවිල බවයි.

මාළු මිරිස් කිලෝග්‍රෑමයක මිල අද රුපියල් 1000 -1400ක අතර මිලකට පවතිනවා.

කරවිල කිලෝග්‍රෑමයක් ඇත්තේ රුපියල් 1000ක මිලකටයි.

අමු මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 800-850ත් අතර අගයක පවතිනවා.