Empty Ad
AFC Banner
Empty Ad

සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු ධුරයට නම් කෙරුණු ෆයිසර්ගේ නම ගැසට් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යෝජනා කර එවූ නාමය වන ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ දී මුස්තාෆා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා ගැසට් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ ප්‍රකාශනය කෙරෙන පරිදියි ෆයිසර් මුස්තාෆා මහතාගේ නම ගැසට් කර ඇත්තේ.

ඊට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු සාමාජිකයින් සිව්දෙනාගේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

ඒ අනුව සිලින්ඩරයේ ලකුණින් තරග වැදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා මීට පෙර මන්ත්‍රී රවී කරුණානායක ද තේරීපත් වුණා.

නමුත් මෙම ධුර දෙක සම්බන්ධයෙන් ම යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇතැම් සාමාජිකයින්ට පවතින බවත් වාර්තා වනවා.

රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ නායකත්වය නොදැන මැතිවරණ කොමිෂන් සභාව වෙත යාම පිළිබඳ ව ද විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය බවයි හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රටට වෙන්න යන දේ හිතාගන්න බෑ - ඉක්මණට රනිල්ගේ උපදෙස් ගන්න
09:58
Video thumbnail
රනිල්ට එක කෝල් එකෙන් ට්‍රම්ප්ට්ට ගන්න පුළුවන් - රාජිත රහස් සියල්ල එළියට දායි
06:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:03:55
Video thumbnail
රාජිත JVP එක නැත්තට නැති කරයි - විජේවීර කියන්නේ පට්ට ද්‍රෝහියෙක්
07:00
Video thumbnail
රාජිත ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි
09:33
Video thumbnail
PRAHARAYA | හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
29:37
Video thumbnail
ජනපති අනුර කරපු හොඳම කතාව
31:39
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.08
04:51:41
Video thumbnail
කොන්ද පණ නැති ජනාධිපති කෙනෙක් ඔයා - සාගර ජනපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
07:22
Video thumbnail
ඇතුළේ ඉඳන් ආපු චාමර ඇස්වල කඳුළු පුරවන් කරපු කතාව
10:23

?