සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු ධුරයට නම් කෙරුණු ෆයිසර්ගේ නම ගැසට් කෙරේ

මැතිවරණ කොමිෂන් සභාව විසින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට යෝජනා කර එවූ නාමය වන ෆයිසර් මුස්තාෆාගේ නම ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊයේ (11) රාත්‍රියේ දී මුස්තාෆා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් සඳහා ගැසට් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මැතිවරණය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාව යටතේ ප්‍රකාශනය කෙරෙන පරිදියි ෆයිසර් මුස්තාෆා මහතාගේ නම ගැසට් කර ඇත්තේ.

ඊට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු සාමාජිකයින් සිව්දෙනාගේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

ඒ අනුව සිලින්ඩරයේ ලකුණින් තරග වැදි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා මීට පෙර මන්ත්‍රී රවී කරුණානායක ද තේරීපත් වුණා.

නමුත් මෙම ධුර දෙක සම්බන්ධයෙන් ම යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂයේ ජ්‍යේෂ්ඨ ඇතැම් සාමාජිකයින්ට පවතින බවත් වාර්තා වනවා.

රවී කරුණානායක මහතාගේ නම පක්ෂයේ නායකත්වය නොදැන මැතිවරණ කොමිෂන් සභාව වෙත යාම පිළිබඳ ව ද විශේෂ පරීක්ෂණයක් අවශ්‍ය බවයි හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03