පුද්ගල ඝාතනයකට අඹු – සැමි යුවළක් සැකපිට අත්අඩංගුවට

ඊයේ (08) රාත්‍රියේ කලාවැව – වලව්වේගම ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ ඝාතනයක් සම්බන්දයෙන් සැකපිට අඹු – සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

37 හැවිරිදි තිලක් වීරසිංහ නමැති එක්දරු පියෙකු මෙලෙස ඊයේ රාත්‍රියේ දී ඝාතනයට ලක් වූ අතර ඔහු විජිතපුර – වලව්වේගම පදිංචිකරුවෙක්.

මරණකරුගේ සිරුර හමු වූයේ ඔහුට අයත් එම ප්‍රදේශයේ ම ඉදිකර ඇති නිවසක කාමරයක් තුළදියි.

මරණකරුගේ සිරුර තිබූ ඔහුට අයත් එම නිවස යුවළක් සඳහා කුලී පදනම යටතේ දුන් එකක් බවත් හෙළි ව තිබෙනවා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා පෙරේදා (07) සවස තමන් පදිංචි නිවසේ සිට තමන් කුලියට ලබා දී තිබූ මෙම නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණි අවස්ථාවේ දී කුලියට ලබා දී තිබූ නිවස තුළ දී ඔහු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවත් පොලිසිය පවසනවා.

කුලී නිවසේ රැඳී සිටි යුවල ඝාතනයෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

අදාළ නිවසේ කුලී පදනම මත සිටි පුද්ගලයා හා මියගිය පුද්ගලයා ඇතුළු පිරිසක් පෙර දින රාත්‍රියේ එම නිවසේ මත්පැන් සාදයක් පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම අවස්ථාවේ ඇති වූ බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු වූයේද යන්න පිළිබඳ ව පොලිස් විමර්ශන ආරම්භ කෙරුණා.

කෙසේවෙතත් ඝාතනය සැලවීමෙන් පසු ඉපලෝගම පොලිසිය කළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි 29ක් හා 39ක් වන අඹු සැමි යුවළක් පොලිස් අත් අඩංගුවට ගැනුණා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ එම අඹුසැමි යුවල අද (09) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර සැකකරුවන් එළඹෙන 17 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?