ලොහාන් තග දැමූ පෙරකදෝරුවාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයදියි (වීඩියෝ)

බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට බැණ මරණීය තර්ජන සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස බැණ තර්ජනය කළ නීතිඥවරයාගෙන් විවෘත අධිකරණයේ දී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා.

බැණ තර්ජනය කිරීමේ චෝදනාවට අදාළ ව කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (09) නඩුව කැඳවූ අවස්ථාවේ දී ලොහාන් රත්වත්තේ මහතා මෙලෙස සමාව ඉල්ලා සිටියා.

එම අවස්ථාවේ අගතියට පත් අකලංක උකවත්ත මහතා සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා වෙනුවෙන් නීතිඥ මඩුල්ල ප්‍රකාශ කර සිටියේ ලොහාන් රත්වත්තේ මහතා අගතියට පත් පාර්ශ්වයට ලක්ෂ 10 මුදලක් ගෙවීමට එකඟ වූ බවත් ඒ හේතුවෙන් අගතියට පත් පාර්ශ්වය ගැටලුව සමථයකට පත්කර ගැනීමට කැමති බවත් ය.

නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කර අදාළ සමථය සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ද එහිදි අධිකරණය නියෝග කළා.

ඒ අනුව ඉදිරිපත් වූ සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත ලොහාන් රත්වත්තේ මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

සිද්ධියට සම්බන්ධ වාහනය ද රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමෙන් අනතුරුව නිදහස් කරන ලෙස ද එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

නැවත නඩුව ලබන ජනවාරි 09 වැනිදා කැඳවීමට එහිදී මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර නීතිඥ සුරංග පෙරේරා ලොහාන් රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56