මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව 19 තෙක් කල් යයි – ප්‍රතිකාර සඳහා විදෙස්ගත වීමටත් අවසර

2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණ සමයේ දී ලංකා සතොස හරහා රුපියල් මිලියන 53කට අධික වටිනාකමකින් යුත් කැරම් පුවරු සහ දාම් පුවරු මිල දී ගනිමින් ඒවා වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම ඇතුළු චෝදනා 06කට විත්තිකරුවන් වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා එවකට සතොස හිටපු සභාපති හා හිටපු අමාත්‍ය නලීන් ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුව එළඹෙන 19 වැනි දින තෙක් කල් තැබීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (02) ත්‍රිපුද්ගල කමිටු විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි, මහේෂ් වීරමන් සහ ප්‍රදීප් අබේකෝන් යන මහත්වරුන් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි අදාළ නියෝගය නිකුත් කෙරුණේ.

එහිදී දෙවැනි විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විත්තියේ දෙවැනි සාක්ෂි විභාගය අවසන් කෙරුණා.

එම අවස්ථාවේ දී විත්තිය වෙනුවෙන් හිටපු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය ද සාක්ෂි ලබා දුන්නා.

මෙලෙස අධිකරණය විසින් දෙසැම්බර් 19 තෙක් නඩු විභාගය කල් දැමුණේ; විත්තිකාර මහින්දානන්ද මහතා හට දෙසැම්බර් 12 – 18 තෙක් ප්‍රතිකාර කටයුතු සඳහා තායිලන්තය බලා යෑමට අවසරය ද ඉල්ලා සිටිමින්.

ඒ අනුව අධිකරණය නියෝග කළේ එම කාලසීමාව සම්බන්ධයෙන් දුන් අවසරය ගැන ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන්ට දන්වා යවන ලෙසයි.

ඒ අනුවයි දෙසැම්බර් 19 වැනිදා යළිත් මෙම නඩුව කැඳවනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?