වවුනියාව ප්රදේශයට ඇඳ හැලුණ වර්ෂාවත් සමඟ කුඹුරක මඩේ වනඅලියෙකු එරී සිටි සිදුවීමක් ඊයේ(28) කුඩාකච්චකොඩිය ප්රදේශයෙන් වාර්තා වුණා.
වනජීවී නිලධාරීන් පැවසුවේ වැස්සත් සමඟ කුඹුරේ වී වගාව ආහාරයට ගැනීමට පැමිණි වනඅලියා මෙලෙස මඩේ එරී ඇති බවයි.
කිසියම් රෝගී තත්ත්වයක් මත වනඅලියා කුඹුරේ එරී ඇති ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කරන බව ද වනජීවී නිලධාරීන් පැවසුවා.
කෙසේවෙතත් අලියා ගොඩගැනීමට බැකෝ යන්ත්රයක් කුඹුරු මැදින් රැගෙන යාමට නොහැකි වීම මත
අලියා ගොඩගැනීමේ මෙහෙයුම අසාර්ථක වී තිබෙනවා.
වවුනියාව වනජීවී නිලධාරින් වැඩිදුරටත් පැවසුවේ; අද(29) දිනයේ බැකෝ යන්ත්රයක් අදාළ ස්ථානයට
රැගෙන ගොස් අලියා ගොඩ ගැනීමට යළිත් උත්සාහ කරන බවයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1