නීති විරෝධී ලෙස එකලස් කළ වාහනයක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු හිටපු රාජ්‍ය ආමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.
ඒ, ඔවුන් දෙදෙනා අද (18) දින නුගේගොඩ, ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර ලොහාන් රත්වත්තේ ලබන දෙසැම්බර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි.
ඔහුගේ බිරිඳ මේ මස 22 වනදා දක්වා බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයේ මෙහිදී නියෝග කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1