ඡන්ද පොළ සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා පක්ෂ නියෝජිතයන් පත් කිරීම ගැන දැනුම්දීමක්

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල රැඳී සිටින පක්ෂ නියෝජිතයින් පත් කළ යුතු බව මැතිවරණ කොමිසම අදාළ දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබෙනවා.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ස්ථානගත කිරීම සඳහා සෑම පක්ෂයකටම නියෝජිතයින් 07 දෙනෙකු පත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

සෑම දේශපාලන පක්ෂයක්ම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා නියෝජිතයින් 05 දෙනෙකු සහ තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් සඳහා තවත් නියෝජිතයින් දෙදෙනෙකු පත් කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි නියමිත වේලාවට ඉදිරිපත් කර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබා ගැනීමෙන් දේශපාලන පක්ෂයට ද සමස්ත ක්‍රියා පටිපාටිය වඩාත් පහසු වනු ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර සෑම දේශපාලන පක්ෂයකට සහ ස්වාධීන කණ්ඩායමකට එක් ඡන්ද මධ්‍යස්ථානයක් සඳහා තම නියෝජිතයින් දෙදෙනෙකු බැගින් පත් කළ හැකියි.

එම නියෝජිතයින්ට ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ බලයලත් නිලධාරියෙකුගේ අත්සන සහිත ලිපියක් ඔවුන් සතුව ඇත්නම් පමණයි.

ඒ අනුව මෙම අදාළ ලිපි ලේඛන නියමිත වේලාවට සකස් කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47