මාතර නිල්වලා ගඟේ ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න සැරසෙයි

මාතර නිල්වලා ගඟේ ඉදිකර තිබෙන ලවණ බාධකය, ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ඉහළ යාමට හේතු වී ඇති බවට මෙන්ම කරදිය, කුඹුරු කරා පැමිණීම හේතුවෙන් වගා හානිවන බවට ප්‍රදේශවාසීන් මෙන්ම ගොවි ජනතාව වෙතින් කරුණු ඉදිරිපත් වී තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් කරුණු සොයා බලා, කඩිනමින් විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරීන් සහ අදාළ අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (08) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පවත්වනු ලැබුවා.

එහිදී, ඉදිකර ඇති ලවණ බාධකය හේතුවෙන් ගං වතුර තත්ත්වයක් මෙන්ම ගොවි බිම්වලට ලවන ජලය පැමිණීම සිදුවන්නේ ද යන්නත්, ඒ සඳහා ස්ථීර විසඳුම් ලබාදීම විධිමත් අධ්‍යනයකින් අනතුරුව සිදුකළ යුතු බවටත් එම ආයතන නියෝජනය කරමින් පැමිණි ඉංජිනේරුවරුන් විසින් තීරණය කළ අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශයේ සහාය ලබාගැනීමට කරන ලද යෝජනාවට ජනාධිපති ලේකම්වරයා මෙහිදී සිය එකඟතාව ලබා දී තිබෙනවා.

එමෙන්ම මේ සඳහා යෝජනාවලියක් සකස් කරන ලෙස උපදෙස් දුන් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා, පේරාදෙණිය විශ්විවද්‍යාලයීය ඉංජිනේරු අංශය සිදුකරන අධ්‍යයනයේ වාර්තාව පදනම් කරගෙන මේ සඳහා විසඳුම් ලබාදෙන ලෙසත්, එම කාර්යය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස ක්‍රියාත්මක කරන ලෙසත්, ඊට අවශ්‍ය ප්‍රතිපාදන ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසත් උපදෙස් ලබා දෙනු ලැබුවා.

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර පාලනය කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත්, එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වාරිමාර්ග හා ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව කටයුතු කළ යුතු බවත් ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළා.

ලවණ බාධකය හේතුවෙන් නිල්වලා ගඟ දෙපස ජනතාවට සිය ගොවිබිම් අහිමි වීම ඇතුළු ජීවනෝපාය කෙරෙහි අහිතකර බලපෑම් සිදුවන බවට පැමිණිලි ලැබී ඇති බව සඳහන් කළ ලේකම්වරයා, එම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම රජයේ හා නිලධාරීන්ගේ වගකීම බව අවධාරණය කළා.

එමෙන්ම, මාතර ප්‍රදේශයේ ගංවතුර ගැටළුව විසඳා දෙන ලෙසට ද නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03