AFC Banner
Empty Ad
AFC Banner

තුර්කි තානාපති සහ නාවික හමුදාපති අතර නිල හමුවක් – දෙරට අතර සහයෝගීතාව ගැනත් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර නිල හමුවක් සිදු වුණා.

නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ; ඊයේ (07) දිනයේ දී මෙම නිල හමුව නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණු බවයි.

තුර්කි තානාපති සෙමි ලට්ෆු ටගුට් (Semih Lütfü Turgut) සහ නාවික හමුදාපතිවරයා හමුවීමෙන් පසු සුහද සාකච්ඡාවක ද නිරත වෙමින් දෙරට අතර දිගුකාලීන මිත්‍රශීලී සබඳතාව ඇතුළු ද්විපාර්ශික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ ව සාකච්ඡා කර තිබෙනවා.

මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?