සැඩ පහරකට හසු වී දෙදෙනකු මරුට

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග ඊයේ (05) පස්වරුවේ අවිස්සාවේල්ල – මානකඩ ඔය හරහා ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් ජල පහරට හසුවීමෙන් ගසාගෙන ගොස් එහි සිටි පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

කැබ්රථයේ හිමිකරු සතුව ඇති ඉඩමේ පවත්වාගෙන යන වැලි තොටුපොළට ගොස් ආපසු පැමිණිමේ දී මෙම අනතුරු සිදුව ඇති බවත් හෙළි ව ඇත්තේ.

ඒ වන විටත් දැඩි වර්ෂාපතනයක් ඇදහැලෙමින් තිබී ඇති බව ද වාර්තා වනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දී කැබ්රථය තුළ පුද්ගලයන් සිව් දෙනෙකු ගමන් කොට ඇති අතර , එය ගසාගෙන යන අවස්ථාවේ පිටුපස අසුනේ සිටි පුද්ගලයන් දෙදෙනා ඉන් පැන දිවි බේරාගෙන ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

කැබ්රථය මීටර් 100කට වැඩි දුරක් ගසාගෙන ගොස් රැඳී තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ අශෝක උයන – කිරිබත්ගොඩ ලිපිනයේ පදිංචි චන්න කබ්රාල් නමැති 69 හැවිරිදි කැබ්රථයේ හිමිකරු සහ එහි රියදුරු වන මොණරාගල පදිංචි 30 හැවිරිදි දසුන් ප්‍රනාන්දු නමැති අයෙක් බවයි කොස්ගම පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56