ත්‍රි’මලේ පෞද්ගලික රෝහලක ඝාතනයක්

ත්‍රිකුණාමල‍ය නගරයේ ඇති පෞද්ගලික රෝහලක් තුළ කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ත්‍රි’මලේ පොලිසිය ලද පැමිණිල්ලක් මත මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇති කාන්තාව 63 හැවිරිදි එම රෝහලේ ම නේවාසිකව පදිංචිකාරිණියක් බවත් වාර්තා වනවා.

මරණකාරිය විදෙස්ගත ව සිට වෛද්‍යවරයෙකු වන තම ස්වාමි පුරුෂයාට අයත් එම රෝහලේම තුන්වැනි මහලේ පිහිටි නේවාසික කාමරයට පැමිණෙමින් සිටියදී මරණකාරියගේ සහෝදරයා විසින් අදාළ ඝාතනය සිදු කර ඇති බවයි හෙළි ව ඇත්තේ.

ඝාතනය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඝාතකයා වන මරණකාරිණියගේ සහෝදරයා වන 55 හැවිරිදි සැකකරු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ද එම මහලේ ම නේවාසික ව පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිදු වූ ස්ථානයේ ම තබා තිබෙනවා.

ත්‍රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12