භාරත පුත්තු කිවියන් ඉදිරියේ වයිට් වොෂ් වෙයි

ඉන්දියාව සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා.

ඒ, අනුව ඉන්දියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගවලිය ජයක් වාර්තා කරන්නට නවසීලන්තයට හැකියාව ලැබුණු අතර, ඉන්දියාව සිය මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වුණේ වසර 12 කට පසුවයි.

ඊට අමතරව ඉන්දියාවට තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක දී පූර්ණ තරගවලියක් පරාජයක් අත්කර දුන් සිව්වන කණ්ඩායම බවට නවසීලන්තය පත් වුණා.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙරට අතර තුන්වන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 235ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 263ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 28ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ නවසීලනතය ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 174ක්.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 147ක පහසු ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දීය පිතිකරුවන් සියල්ල ලකුණු 121ක් තුළ දවාගන්නට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 25කින් ජයගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කරන්නට නවසීලන්තය සමත් වුණා

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 08කින් සහ දෙවන තරගය ලකුණු 113කින් නවසීලන්ත පිළ ජයග්‍රහණය කළා.

මේ අතර නවසීලන්තය ටෙස්ට් තරඟ තුනක තරගාවලියක්, සිය මව්බිමෙන් පිටත දී ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46