භාරත පුත්තු කිවියන් ඉදිරියේ වයිට් වොෂ් වෙයි

ඉන්දියාව සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා.

ඒ, අනුව ඉන්දියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගවලිය ජයක් වාර්තා කරන්නට නවසීලන්තයට හැකියාව ලැබුණු අතර, ඉන්දියාව සිය මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වුණේ වසර 12 කට පසුවයි.

ඊට අමතරව ඉන්දියාවට තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක දී පූර්ණ තරගවලියක් පරාජයක් අත්කර දුන් සිව්වන කණ්ඩායම බවට නවසීලන්තය පත් වුණා.

මුම්බායි නුවර වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති දෙරට අතර තුන්වන ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය පළමු ඉනිම සඳහා ලකුණු 235ක් රැස් කළා.

ඊට පිළිතුරු ලෙස ඉන්දියාව සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 263ක් රැස් කිරීමට සමත් වුණා.

අනතුරුව ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 28ක් පසුපසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ නවසීලනතය ඔවුන්ගේ දෙවන ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 174ක්.

ඒ, අනුව මෙම තරගය ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 147ක පහසු ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය හඹා ගිය ඉන්දීය පිතිකරුවන් සියල්ල ලකුණු 121ක් තුළ දවාගන්නට නවසීලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ, අනුව මෙම තරගය ලකුණු 25කින් ජයගනිමින් ඉතිහාසගත ජයක් වාර්තා කරන්නට නවසීලන්තය සමත් වුණා

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 08කින් සහ දෙවන තරගය ලකුණු 113කින් නවසීලන්ත පිළ ජයග්‍රහණය කළා.

මේ අතර නවසීලන්තය ටෙස්ට් තරඟ තුනක තරගාවලියක්, සිය මව්බිමෙන් පිටත දී ජයග්‍රහණය කළ පළමු අවස්ථාව මෙය වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් රන්දෝලියේ දළඳා වහන්සේ වඩම්මන වාසනා ඇත් රජු
02:47
Video thumbnail
අස්වැසුම වංචාවක් ගැන ජනතාව හෙළිකරයි - "සල්ලි තියෙන අයට අස්වැසුම යන්නේ..අපිට මොනවත් නෑ"
02:10
Video thumbnail
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ආ කෝච්චිය තැන් 2ක නැවතිලා
03:57
Video thumbnail
හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගෙන් පැමිණිල්ලක් - "මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ලවෙලා"
04:20
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය
01:44
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ?
01:32
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන හැටි
00:51
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න
01:24
Video thumbnail
තැන්පත් කරපු සල්ලිත් නොදෙන සමූපකාර බැංකුවේ පැටිකිරිය
01:24
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි
00:53