දිල්ලිය සමඟ වසර 09ක් පැවති පාන්ට්ගේ දීගය අවසන්

අයි.පී.එල් කණ්ඩායම් දහයම මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර රඳවා තබාගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පසුගිය දා ප්‍රකාශයට පත් කළා.

මෙහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඔවුන්ගේ නායක රිෂාබ් පාන්ට්ව රඳවා නොගැනීමට තීරණය පිළිබඳව බොහෝ දෙනෙක් විශ්මයට පත් වුණා.

දිල්ලි කණ්ඩයම් විසින් මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර අක්සාර් පටෙල්, කුල්දිප් යාදෙව්, ට්‍රිස්ටන් ස්ටබ්ස් සහ අභිෂේක් පෝරල් යන ක්‍රීඩකයින් රඳවා තබා ගැනීමටයි තීරණය කර තිබුණේ.

දිල්ලි කැපිටල්ස් හිමිකාරීත්වයේ මෙම තීරණයත් සමඟ රිෂාබ් පාන්ට් දිල්ලි කණ්ඩායම හැරයෑමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දිල්ලි පිළ සමඟ රිෂාබ් පාන්ට්ගේ වසර නවයක් පුරා පැවති සම්බන්ධය අවසන් වනවා.

වාර්තා අනුව රිෂාබ් පාන්ට් දිල්ලි කැපිටල්ස් හි නව පුහුණු කාර්ය මණ්ඩලය සහ නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් නොසතුටින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

2025 අයි.පී.එල් තරගවාරයේ දී දිල්ලි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ග් බදානි සහ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස වෙනුගෝපාල් රාඕ පසුගියදා පත්කළා.

JSW සමූහය සහ GMR සමූහය අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ 50-50 හිමිකාරිත්වයක් පවතින අතර, සෑම වසර දෙකකට වරක් ඡන්ද බලය පවත්වාගෙන යනු ලබනවා.

ඒ, අනුව එළඹෙන අයි.පී.එල් 2025 සහ 2026 සංස්කරණය වෙනුවෙන් දිල්ලි කණ්ඩායම GMR සමූහයේ මෙහෙයවීම යටතේ ක්‍රීඩා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15
Video thumbnail
22 ගැන අහද්දි මාධ්‍ය මඟහැර ගිය හිටපු ජනපති මෛත්‍රිපාල - මොනවද ?මම කවද්ද කිව්වේ ?
01:14
Video thumbnail
මෛත්‍රිපාල, වාසුදේව ගැන රස කර කර කිව්ව අතීත කතාව - වාසුවගේ දහස් ගණනක් දැන් ඕනි අවස්ථාවක්
04:25
Video thumbnail
දැන් කට්ටිය පෝළිමට ගිහින් දුන්නා නේද ?අපෝ නෑ නෙවෙයි..මේක ඇත්ත කතාව..පච කිව්වා නේද ?
04:24
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13