දිල්ලිය සමඟ වසර 09ක් පැවති පාන්ට්ගේ දීගය අවසන්

අයි.පී.එල් කණ්ඩායම් දහයම මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර රඳවා තබාගන්නා ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව පසුගිය දා ප්‍රකාශයට පත් කළා.

මෙහිදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ඔවුන්ගේ නායක රිෂාබ් පාන්ට්ව රඳවා නොගැනීමට තීරණය පිළිබඳව බොහෝ දෙනෙක් විශ්මයට පත් වුණා.

දිල්ලි කණ්ඩයම් විසින් මෙවර ක්‍රීඩක වෙන්දේසියට පෙර අක්සාර් පටෙල්, කුල්දිප් යාදෙව්, ට්‍රිස්ටන් ස්ටබ්ස් සහ අභිෂේක් පෝරල් යන ක්‍රීඩකයින් රඳවා තබා ගැනීමටයි තීරණය කර තිබුණේ.

දිල්ලි කැපිටල්ස් හිමිකාරීත්වයේ මෙම තීරණයත් සමඟ රිෂාබ් පාන්ට් දිල්ලි කණ්ඩායම හැරයෑමට තීරණය කර තිබෙනවා.

ඒ, අනුව දිල්ලි පිළ සමඟ රිෂාබ් පාන්ට්ගේ වසර නවයක් පුරා පැවති සම්බන්ධය අවසන් වනවා.

වාර්තා අනුව රිෂාබ් පාන්ට් දිල්ලි කැපිටල්ස් හි නව පුහුණු කාර්ය මණ්ඩලය සහ නව ක්‍රිකට් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් නොසතුටින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

2025 අයි.පී.එල් තරගවාරයේ දී දිල්ලි කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හේමන්ග් බදානි සහ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස වෙනුගෝපාල් රාඕ පසුගියදා පත්කළා.

JSW සමූහය සහ GMR සමූහය අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ 50-50 හිමිකාරිත්වයක් පවතින අතර, සෑම වසර දෙකකට වරක් ඡන්ද බලය පවත්වාගෙන යනු ලබනවා.

ඒ, අනුව එළඹෙන අයි.පී.එල් 2025 සහ 2026 සංස්කරණය වෙනුවෙන් දිල්ලි කණ්ඩායම GMR සමූහයේ මෙහෙයවීම යටතේ ක්‍රීඩා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.20
00:00
Video thumbnail
වෙනසක් නෙමෙයි මහා විනාශයක් - මරික්කාර් ආණ්ඩුවට සැරටම අමතයි
08:21
Video thumbnail
හිරේ දාන කට්ටිය පින්බත් කද්දි මහ ජනතාවට හිඟා කන්න වෙන්නේ
04:52
Video thumbnail
මාලිමාව අලින්ට බයයි - දැන් ඩෝබිලා කෑගහගෙන එයි
05:03
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ ජී.එල් කිව්ව දේ.. මම කවදාවත් සල්ලි පස්සේ ගියේ නෑ
09:08
Video thumbnail
නාමල්ගේ පෞද්ගලික ලේකම් අධිකරණයට රැගෙන ආ හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:26
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාවේ හිටපු සභාපති නඩුවට ඉදිරිපත් නොවී රෝහල් ගතවෙලා..පොලිසිය එද්දි රෝහලෙන් පැනලා ?
06:27
Video thumbnail
අකිල විරාජ් උසාවියට දුවගෙන ආ හැටි
01:06
Video thumbnail
පාතහේවාහැට ප්‍රා. සභාව තාවකාලිකව අත්හිටුවයි - ජනතා විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ
05:59
Video thumbnail
කාවන්තිස්සගේ ම#ණය ගැන මම වගකීම භාරගන්න සූදානම්
19:23