AFC Banner
Empty Ad
Empty Ad

විමල්ට උණ නිසා UN නඩුවක් කල් යයි

2016 වසරේ දී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ මහතා ඇතුලු 06 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන නොවැම්බර් 25 වැනිදාට කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂි විභාගය අද (28) පැවැත්වීමට නියමිතව තිබුණ ද; විමල් වීරවංශ මහතාට උණ රෝගය වැළඳී ඇති හෙයින් අධිකරණය හමුවේ පෙනී සිටිමට නොහැකි බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත විරසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩුවේ සාක්ෂි විමසීම ලබන නොවැම්බර් 25 පැවැත්වීමටත් එදිනට විත්තිකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටීමටත් නියෝග කළා.

ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ඊට විරෝධය පළ කරමින් විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් මෙම උද්ඝෝෂණය පැවැත්වුවා.

එහි විත්තිකරුවන් ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා, වීරකුමාර දිසානායක, මොහොමඩ් මුසම්මිල්, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න, පියසිරි විජේනායක යන අය අධිකරණය හමුවේ අද පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?