බංග්ලාදේශ ක්‍රිකට් නායකයා ඔට්ටුන්න අත්හරින්න සැරසෙයි

බංග්ලාදේශ ක්‍රිකට් නායක නජ්මුල් හොසේන් ෂැන්ටෝ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු ඔහු නායකත්වයෙන් ඉවත් වබ බවටයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා ඇත්තේ.

දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු ටෙස්ට් තරගය කඩුලු 07කින් පරාජයට පත්වීමෙන් පසු ෂැන්ටෝ තමන්ගේ මෙම තීරණය බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට යවා ඇති බව සදහන්.

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් රටෙහි නොමැති බැවින් ඔහු සඳුදා ඩකා වෙත පැමිනි පසු ෂැන්ටෝගේ මෙම තීරණය පිළිබඳව සලකා ලබනු ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ෂැන්ටෝ දක්ෂ පිතිකරුවෙකු වන අතර, ඔහු ටෙස්ට් නායකත්වය භාර ගැනීමෙන් පසු ඔහුගේ පිතිකරණයේ යම් කඩාවැටීමක් පෙනෙන්නට ඇති බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ.

මේ අතර ෂැන්ටෝගේ ඉල්ලා අස්වීම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පිළිගතහොත්, ඉදිරි තරග කාලසටහනත් සමඟ කෙටි දැනුම්දීමකින් නව නායකයෙකු පත් කිරීමට පාලක මණ්ඩලයට සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40