AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාව පරදා නැගීඑන ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

නැගීඑන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබීමට පෙරළිකාර ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ සමත් වුණා.

ඒ, තරගාවලියේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඉන්දීය A කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී 206ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය A කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

ඒ, අනුව ලකුණු 20කින් ඉන්දියාව පරාජය කළ ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ පළමුවරට නැගීඑන ආසියානු කුසලානක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලැබූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකා A කණ්ඩායම පත් වුණා.

ඒ, අනුව 2024 නැගීඑන ආසියානු කුසලානයේ හෙට (27) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම එකිනෙකා මුණගැසෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?