ඉන්දියාව පරදා නැගීඑන ආසියානු කුසලානයේ දී ඇෆ්ගනිස්ථානයට පෙරළිකාර ජයක්

නැගීඑන ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබීමට පෙරළිකාර ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම ඊයේ (25) රාත්‍රියේ සමත් වුණා.

ඒ, තරගාවලියේ පැවති දෙවන අවසන් පූර්ව තරගයේ දී ප්‍රබල ඉන්දීය A කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කරමින්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී 206ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

අනතුරුව පන්දු 120ක් තුළ ලකුණු 207ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඉන්දීය A කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 186ක් පමණයි.

ඒ, අනුව ලකුණු 20කින් ඉන්දියාව පරාජය කළ ඇෆ්ගනිස්ථානය ඉතිහාසයේ පළමුවරට නැගීඑන ආසියානු කුසලානක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.

මෙවර තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලැබූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකා A කණ්ඩායම පත් වුණා.

ඒ, අනුව 2024 නැගීඑන ආසියානු කුසලානයේ හෙට (27) පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම එකිනෙකා මුණගැසෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30