මිලියන 21ක් වටිනා කොටස් වංචනික ලෙස ගසා කෑ ගම්මන්පිලගේ නඩුවකට විරෝධතා ගොනු කරන්න දින දෙයි

ඔස්ට්‍රෙලියාවේ සමාගමකට ව්‍යාජ අත්සන් යොදා සකස් කළ ඇටෝනි බලපත්‍රයක් යොදා ගනිමින් රුපියල් මිලියන 21ක් වටිනා කොටස් වංචනික ලෙස අලෙවි කි⁣රීමේ වෝදනා යටතේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන දෙදෙනාට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවක ලිඛිත විරෝධතා ලබන නොවැම්බර් 25 වැනිදා ගොනු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා නියෝග කරනු ලැබුවා.

නඩුවේ දෙවනි විත්තිකරු සිඩ්නි ජයසිංහ නමැත්තා අද (24) අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සඳහන් කළේ සියසේවා දයාකයා දැඩි අසනිප තත්ත්වකින් පසු වන බවයි.

එහිදි විනිසුරුවරයා නියෝග කළේ එම අසනිප තත්ත්වය සනාථ කළ හැකි ලේඛන ලබන නඩු වාරයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

1996 සහ 1997 අතර කාලයේදී මනික් ඉන් කොපරෙට් සමාගමේ අධ්‍යක්ෂ මහේන්ද්‍ර ද සිල්වා නමැත්තා එම ඇටෝනි බලපත්‍රය ඉදිරිපත් කර පුද්ගලික බැංකුවක් මගින් නිකුත් කර , පුද්ගලික සමාගමක් විසින් මිලදිගෙන තිබු රුපියල් මිලියන 21ක් වටිනා කොටස් චංවනික ලෙස විකිණීම හා අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.

  1. ඊලග ඡණ්දෙ බලාගෙන කරන දේශපාලන පලි ගැණීම් මේව ……….කවුරැ පිලි ගත්තත් නැතත් පාස්කු වාර්තාව එළියටත් දැම්මණෙ…….එපා කියද්දි……….😡



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56