AFC Banner
Empty Ad
Empty Ad

රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළින් අල්ලයි

රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගත් බව කටුනායක ගුවන් තොටුපොළේ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පවසනවා.

මෙම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ඒවා වූ බැවින්, ගුවන් තැපැල් පාර්සල් 07ක් ඊයේ (21) දින රාත්‍රියේ දී විවෘත කර, පරීක්ෂා කර තිබෙනවා.

එහිදී මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර මේවා අමෙරිකාව , එංගලන්තය, කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා ඇති බවයි පැවසෙන්නේ.

දීර්ඝ කාලයක සිට මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නොසිටි අතර, ඒවායේ සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී, ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 07යි, ග්‍රෑම් 021 ක් , කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි, ග්‍රෑම් 143ක් සහ මැන්ඩි නමැති රසායනික මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි, ග්‍රෑම් 338ක් සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කරමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?