රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටුපොළින් අල්ලයි

රුපියල් අට කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගත් බව කටුනායක ගුවන් තොටුපොළේ රේගු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පවසනවා.

මෙම මත්ද්‍රව්‍ය කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) යූ.පී.එස්. බන්ධිත ගුදම තුළ හිමිකරුවන් ඉදිරිපත් නොවු ඒවා වූ බැවින්, ගුවන් තැපැල් පාර්සල් 07ක් ඊයේ (21) දින රාත්‍රියේ දී විවෘත කර, පරීක්ෂා කර තිබෙනවා.

එහිදී මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර මේවා අමෙරිකාව , එංගලන්තය, කැනඩාව යන රටවල සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත එවා ඇති බවයි පැවසෙන්නේ.

දීර්ඝ කාලයක සිට මෙම පාර්සල් භාර ගැනීමට හිමිකරුවන් පැමිණ නොසිටි අතර, ඒවායේ සඳහන් ලිපිනයන් පිළිබඳ සොයා බැලීමේ දී, ඒවා ව්‍යාජ ලිපිනයන් බව තහවුරු වී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 07යි, ග්‍රෑම් 021 ක් , කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි, ග්‍රෑම් 143ක් සහ මැන්ඩි නමැති රසායනික මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි, ග්‍රෑම් 338ක් සොයා ගැනුණා.

මෙම මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සිදු කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38