පශු වෛද්‍ය කාර්යාලවල එන්නත් හිඟවීමෙන් ඌරන් සිය ගණනින් මරුට

හඳුනා නොගත් වෛරසයක් හේතුවෙන් අනුරාධපුර – උලුක්කුලම ප්‍රදේශයේ ගොවිපළවල්වල ඌරන් විශාල වශයෙන් මියැදෙමින් සිටින බව සත්ත්ව ගොවීන් පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළවල්වල මෙකී වෛරසය පැතිරයමින් ඇති බවත් ඌරු කොටුවල ඌරන් 500කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙම වෛරසය ඌරන්ට වැළඳී දින දෙකක් තුළ ඔවුන් මරණයට පත් වන බවත්; ඇතැම් ඌරන් ඇති කරන ගොවිපොළවල සිටි ඌරන් 800න් මේ වනවිට (16) සිටින්නේ 200-300ත් අතර ප්‍රමාණයක් බවත් සෙසු සියලුම ඌරන් මරණයට පත්ව ඇති බවත් ගොවීන් චෝදනා කරනවා.

උලුක්කුලම ප්‍රදේශයේ ඌරු ගොවිපොළවල් 20ක් පමණ ඇති අතර සෑම සත්ත්ව ගොවිපොළකට ම අදාළ වෛරසය පැතිර ගොස් ඇති බව ද වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පශු වෛද්‍යවරයාව හා අදාළ සෞඛ්‍ය නිලධාරීන්ව දැනුවත් කළ ද මෙතෙක් ඊට විසඳුම් ලබාදීමට හෝ අදාළ සත්ත්ව ගොවිපොළවල් නිරීක්ෂණයට හෝ අවම වශයෙන් නොපැමිණි බවයි ගොවීන් පවසන්නේ.

විශාල වශයෙන් ඌරන් මියයාම හේතුවෙන් ඇතැම් ගොවිපළවල්වලට සිදුව ඇති මූල්‍යමය අලාභය රුපියල් ලක්ෂ 100 ඉක්මවා ඇති බවට ගොවීන් පෙන්වාදෙනවා.

මේ සම්බන්ධයෙන් මධ්‍යම නුවරගම් පළාත් පශුවෛද්‍ය ප්‍රසාද් මඩාටුව මහතාගෙන් දසත ප්‍රාදේශීය වාර්තාකරු කළ විමසීමේදී කියා සිටියේ ඌරන්ට වැළඳී ඇත්තේ වෛරසයක් බැවින් ඒ සඳහා එන්නත් නොමැති බවයි.

වෛරසය පාලනය කිරීම සඳහා හරකුන්ට සහ කුකුළන්ට ලබාදෙන එන්නත් හා ඖෂධ ඌරන්ට ලබාදීම සඳහා
එම ඖෂධ හා එන්නත් පශු වෛද්‍ය කාර්යාලවල නොමැති බව ද පශු වෛද්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් එම ප්‍රදේශයේ මේ වන විට වෛරසය ව්‍යාප්ත නොවූ ගොවිපොළවල්වල් පරීක්ෂාවට ලක් කළ බවත් එහිදී එම වෛරසය නොවැළඳුණු ඌරන් සඳහා එන්නතක් ලබාදීමට පියවර ගනු ලැබූ බව ද පශු වෛද්‍ය ප්‍රසාද් මහතා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38