දමිතාට පහත් වැඩක් කළ හේෂාගේ පැටිකිරියාව දොට්ට (වීඩියෝ)

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ තමන්ව කඩේ යැවීමක් සිදු කරමින්; තම නම නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කර පහත් අඩියකට වැටුණේ කෙසේ දැයි යන්න තවමත් ප්‍රශ්නයක් බව ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

අද (11) දහවල් එළඹෙන මහ මැතිවරණය සඳහා පක්ෂය නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වැදීම සඳහා නාමයෝජනා භාරදීමට පැමිණි අවස්ථාවේදියි ඇය මේ බව සඳහන් කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් ම තමන් හට ඔහුගේ දිස්ත්‍රික්කය නියෝජනයට කාන්තාවක් නොමැති බව පවසමින්; තමන්ට මෙම අවස්ථාව ලබාදුන් බව ද දමිතා අබේරත්න මහත්මිය පැවසුවා.

තමන් සමගි ජන බලවේගය මහලේකම්වරයාගේ සෑම නියෝගයක් ප්‍රකාරවම දිවා – රෑ නොබලා දිවයින පුරා යමින් සංවිධායක කටයුතු සඳහා සහයෝගය ලබාදුන් බවත්; හේෂා ම තමන් ව යෝජනා කර, නාමයෝජනා අත්සන් තැබූ පසු එය භාරදෙන විට ලැයිස්තුවෙන් නම කැපුවේ ඇයි දැයි නොදන්නා බවයි ඇය සඳහන් කළේ.

හේෂා විතානගේ ඇතුළු සෙසු සංවිධායකවරුන් සමග සිදු වූ දූරකථන සංවාද සියල්ලක්ම තමන් සතුව ඇති බවත්; හේෂා විසින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව ද රවටා ඇති බවයි ඇය පැවසුවේ.

තමන් සජිත් ප්‍රේමදාස මහතාට අද ඇමතුමක් දුන් අවස්ථාවේ දී ඔහු විමසුවේ ඇය ස්වකැමැත්තෙන් ඉල්ලා අස්වූ බවට යන්න පිළිබඳව දැනුවත් වී සිටි බවයි.

කෙසේවෙතත් මෙවන් කැපකිරීමක් අරගලයේ සිට පසුව දේශපාලනික පෙරළියක් උදෙසා පක්ෂයක් තෝරාගැනීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ නායකතුමා ගැන පැහැදීම හේතුවෙන් දේශපාලනයට අවතීර්ණ වූ බවත්; හේෂා විතානගේ මෙතරම් පහත් වැඩක් කුමක් හේතුවෙන් කළා ද යන්න තමන් මේ වනතෙක් නොදන්නා බව ද ප්‍රවීණ රංගන ශිල්පිනිය මෙහිදී සංවේදීව ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
66
+1
2
+1
4
+1
3
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් අවුරුද්දේ වජිර කරපු සුපිරි කතාව
02:57
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11

?