AFC Banner
Empty Ad
Empty Ad

ආර්ථික වර්ධනයට සහ දූෂණ විරෝධී ප්‍රයත්නයන්ට ස්විට්සර්ලන්තයේ උපරිම සහාය (ඡායාරූප)

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ වැඩසටහන හරහා ශ්‍රී ලංකාව වෙත සහාය දැක්වීමට ස්විට්සර්ලන්තය කැප වී සිටින බව මෙරට ස්විස් තානාපතිනිය වන ආචාර්‍ය සිරි වෝල්ට් මහත්මිය සහතික කළා.

අද (09) ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේ දී මේ බව කියා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව තුළ දූෂණයට එරෙහිව දරනු ලබන උත්සාහයන් සඳහා ද සහාය වීමට සිය රජය සූදානම් බවයි ස්විස් තානාපතිනිය පැවසුවේ.

සෘජු විදේශ ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳව එරට සතු වන විශේෂඥතාව ද ඇය මෙහිදී අවධාරණය කරනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

එබැවින් ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාවට එම ක්ෂේත්‍ර සඳහා සහාය ලබාදීම සිදු කළ හැකි බවත්; ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රම සංක්‍රමණය යන ක්ෂේත්‍රයන් හි දී සිදු විය යුතු ප්‍රවණතා ගැන ද මෙහිදී අවධානය යොමු වුණා.

Ambassador of Switzerland 2
Ambassador of Switzerland 3
Ambassador of Switzerland 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?