AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – ජැමෙයිකා අගමැතිවරු හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජැමෙයිකානු අගමැති ඇන්ඩෘ හෝල්න්ස් සහ නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුව තිබෙනවා.

ඉන්දියාව ජැමෙයිකාවේ සංවර්ධන ගමනේ “විශ්වාසනීය හවුල්කරුවෙකු” වී ඇති අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ජෛව ඉන්ධන, නවෝත්පාදන සහ සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම රට සමඟ බෙදා ගැනීමට ඉන්දියව සූදානම් බව අගමැති නරේන්ද්‍ර මෝදි එහිදි පැවසූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, අධ්‍යාපනය, ඩිජිටල්කරණය, ආරක්‍ෂාව සහ බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල ඉන්දියාව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට ජැමෙයිකානු අගමැතිවරයා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

තමා සහ හොල්නස් කලාපීය හා ගෝලීය ගැටළු ද සාකච්ඡා කළ බවත්, සියලු ආතතීන් සහ ආරවුල් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත්, ගෝලීය සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා දෙපාර්ශ්වයම අඛණ්ඩව කටයුතු කරන බවත් මෝදි පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජයශංකර් හදීසියේ ශ්‍රී ලංකාවට...#npp #
00:52
Video thumbnail
මම පාර්ලිමේන්තුවට ඉතාම සුදුසුයි / JVPයේ විතරක් නෙවෙයි - සුදුසුකම් තියෙන මිනිස්සු ඉන්නේ #sjb #npp
02:13
Video thumbnail
ශ්‍රි.ල.නි.පයේ ප්‍රබලයෝ රැසක් - ජාතික ජන බලවේගයට යයි #slfp #npp #akd #anurakumaradissanayake
02:53
Video thumbnail
ඔබතුමා අසරණ වෙලා නේද ඉන්නේ ? - නෑ....නෑ...ඩාලිපාරට එන්නේ නැතුව කොහෙ යන්න ද? #sjb #slfp
02:22
Video thumbnail
මල් පාරේ අදත් හොර සාකච්ඡා - SJB ප්‍රබලයෙක් හොරාට රනිල් තුරුලට #unp #sjb #ranilwickremesinghe
01:21
Video thumbnail
පොහොර සහනාධාරය ලැබෙයි ද? නොලැබෙයි ද? / පැෆරල් සංවිධානයෙන් කළ විශේෂ ප්‍රකාශය මෙන්න
03:31
Video thumbnail
ජානක වක්කුඹුරට යකා නගී - ආණ්ඩුවට කුණු බැනුම් - "මම ගාව තිබ්බ වෙපන් එකත් මම බාරදුන්නා"
02:36
Video thumbnail
ජනපතිට බැන්න අය පිල් මාරුවකටද මේ සූදානම - "රටේ ජනතාවට හොඳක් වෙනවානම් අපි උදව් කරන්න කැමති"
03:42
Video thumbnail
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක්
00:41
Video thumbnail
නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි #breakingnews #election
01:45

?