ඉන්දු – ජැමෙයිකා අගමැතිවරු හමුවෙයි

ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජැමෙයිකානු අගමැති ඇන්ඩෘ හෝල්න්ස් සහ නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුව තිබෙනවා.

ඉන්දියාව ජැමෙයිකාවේ සංවර්ධන ගමනේ “විශ්වාසනීය හවුල්කරුවෙකු” වී ඇති අතර ඩිජිටල් පොදු යටිතල පහසුකම්, ජෛව ඉන්ධන, නවෝත්පාදන සහ සෞඛ්‍යය ඇතුළු ක්ෂේත්‍රවල විශේෂඥ දැනුම රට සමඟ බෙදා ගැනීමට ඉන්දියව සූදානම් බව අගමැති නරේන්ද්‍ර මෝදි එහිදි පැවසූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළා.

විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, අධ්‍යාපනය, ඩිජිටල්කරණය, ආරක්‍ෂාව සහ බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල ඉන්දියාව සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමට ජැමෙයිකානු අගමැතිවරයා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

තමා සහ හොල්නස් කලාපීය හා ගෝලීය ගැටළු ද සාකච්ඡා කළ බවත්, සියලු ආතතීන් සහ ආරවුල් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බවත්, ගෝලීය සාමය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා දෙපාර්ශ්වයම අඛණ්ඩව කටයුතු කරන බවත් මෝදි පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03