AFC Banner
Empty Ad
Empty Ad

මදුරු කීටයන් බෝ වීමට ඉඩ හැරි බවට චෝදනා ලැබූ ගෙවතු හිමියා නිදොස් කොට නිදහස්

ගෙවත්තේ තිබු ප්ලාස්ටික් බඳුනක මදුරු කීටයන් බෝ වීමට ඉඩ හැරියේ යැයි චෝදනා කරමින් කෝට්ටේ මහ නගර සභාව විසින් පවරා තිබු නඩුවකින් සැකකාර ගෙවතු හිමියා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරාජ මහත්මිය නියෝග කළා.

පැමිණිලිකාර සෞඛ්‍ය අංශ නිලධාරීන් ගෙවත්ත පරික්ෂා කිරීමට පැමිණෙන අවස්ථාවේදී සිය සේවාදායකයා ඇතුලු පවුලේ සාමාජිකයින් එදින සිය එකම පුත්‍රයාගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා යෑමට සූදානම් ව සිටි බවත් එබැවින් වෙනත් දිනයක පැමිණ ගෙවත්ත පරික්ෂා කරන ලෙස කළ ඉල්ලීමට කුපිතව අසත්‍ය චෝදනා නඟා මෙම නඩුව ⁣ගොනු කර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රජහේවා මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

එමෙන්ම චෝදනාවට අදාළ කිසිදු සාක්ෂියක් එම නිලධාරීන් සතුව නොමැති බව ද වැඩිදුරටත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

යම් සැකකරුවකුට එරෙහිව නඩු පවරන්නේ නම් එය සනාථ කළ හැකි සාක්ෂි ද අධිකරණයට ඉදිරිපත් කිරිමට වගබලා යුතු බව පැමිණිල්ල ඉදිරිපත් කළ නිලධාරීන්ට අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?