මදුරු කීටයන් බෝ වීමට ඉඩ හැරි බවට චෝදනා ලැබූ ගෙවතු හිමියා නිදොස් කොට නිදහස්

ගෙවත්තේ තිබු ප්ලාස්ටික් බඳුනක මදුරු කීටයන් බෝ වීමට ඉඩ හැරියේ යැයි චෝදනා කරමින් කෝට්ටේ මහ නගර සභාව විසින් පවරා තිබු නඩුවකින් සැකකාර ගෙවතු හිමියා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරාජ මහත්මිය නියෝග කළා.

පැමිණිලිකාර සෞඛ්‍ය අංශ නිලධාරීන් ගෙවත්ත පරික්ෂා කිරීමට පැමිණෙන අවස්ථාවේදී සිය සේවාදායකයා ඇතුලු පවුලේ සාමාජිකයින් එදින සිය එකම පුත්‍රයාගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා යෑමට සූදානම් ව සිටි බවත් එබැවින් වෙනත් දිනයක පැමිණ ගෙවත්ත පරික්ෂා කරන ලෙස කළ ඉල්ලීමට කුපිතව අසත්‍ය චෝදනා නඟා මෙම නඩුව ⁣ගොනු කර ඇති බව ජ්‍යෙෂ්ඨ නීතිඥ වීරසේන රජහේවා මහතා අධිකරණයට පෙන්වා දුන්නා.

එමෙන්ම චෝදනාවට අදාළ කිසිදු සාක්ෂියක් එම නිලධාරීන් සතුව නොමැති බව ද වැඩිදුරටත් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

යම් සැකකරුවකුට එරෙහිව නඩු පවරන්නේ නම් එය සනාථ කළ හැකි සාක්ෂි ද අධිකරණයට ඉදිරිපත් කිරිමට වගබලා යුතු බව පැමිණිල්ල ඉදිරිපත් කළ නිලධාරීන්ට අවවාද කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු නිදොස් කොට නිදහස් කරන ලෙස නියෝග කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56