‘අර්නාබි’ සුළි කුණාටුවත් සමඟ ධීවර සහ නාවුක ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

බෙංගාල බොක්කේ නැගෙනහිර – මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය
අර්නාබි සුළි කුණාටුව දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙම පද්ධතිය බොහෝ දුරට බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, 2026 ඔක්තෝබර් 26 වන දින ප.ව. 23.30 වන විට බටහිර – මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත් වීමට ඉඩ පවතින බවයි කාලගුණ අංශ සඳහන් කරන්නේ.

මේ අතර “අවවාදාත්මක ” කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 80-100 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 3.0 – 4.0ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනවා.