සිව්වන වරටත් බ්රසීල ජනාධිපති ලෙස තේරී පත් වූ ලූලා ද සිල්වාගේ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර තිබෙනවා.
එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් අනුර කුමාර ජනාධිපතිවරයා මෙලෙස සිය සුබපැතුම් පිරිනමා ඇති අතර, යළි වරක් ප්රගතිය කරා යන ගමනට නායකත්වය දීම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක්කරන බවයි එහි දක්වා ඇත්තේ.
එමෙන්ම බ්රසීලයේ ජනතාව දූෂණයට, සමාජ බෙදීම්වලට සහ දේශපාලන මුසාවාදවලට එරෙහිව ජයග්රහණය කර ඇති බව ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ දක්වා තිබෙනවා.
මෙම ඓතිහාසික ජයග්රහණයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ‘සාධාරණත්වයට වඩා බලය උසස්’ යැයි විශ්වාස කරන, අතීතයේ අවතාර බඳු වූ සහ දේශපාලනිකව බංකොලොත් වූ පවුල් පාලන තන්ත්රයන්ට තවදුරටත් ජනතාව රැවටිය නොහැකි බවයි ජනාධිපති අනුර කුමාර සිය සුබපැතුම් පණිවුඩය මඟින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.
