අහංගම, කතළුව හංදිය ප්රදේශයේ දී ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (26) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් සහ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් බස් රථයේ ගමන් ගත් පුද්ගලයන් සිව්දෙනෙකු සහ ටිපර් රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
