නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත කෙරේ

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් ජාතික පද්ධති මෙහෙයුම් සමාගම වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිදු බාධාවක් නොමැති බවයි ජාතික පද්ධති මෙහෙයුම් සමාගම සඳහන් කරන්නේ.