සයිම් අයූබ් පාකිස්ථාන එක්දින සංචිතයෙන් ඉවතට සාහිබ්සාදා ෆර්හාන් සංචිතයට

තුන්කොන් එක්දින තරගාවලිය සඳහා නම්කර සිටින පාකිස්ථාන සංචිතයෙන් සයිම් අයූබ් ඉවත් කර තිබෙනවා.

ඒ, අනුව තුන්කොන් තරගාවලියේ ඉතිරි තරග සඳහා සයිම් අයූබ් වෙනුවට සාහිබ්සාදා ෆර්හාන්ව පාකිස්ථාන සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

ප්‍රධාන පුහුණුකරු සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, තම පිතිකරණ දක්ෂතා වැඩිදියුණු කර ගැනීමට සහ නැවත ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට දේශීය ක්‍රිකට් තරග වෙත ආපසු යාමේ අවශ්‍යතාව සයිම් විසින් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ඔහුගේ එම තීරණයට ගරු කරමින් සහ ඔහුගේ වර්තමාන දක්ෂතා පිළිබඳ ඔහු දැක්වූ අවංක තක්සේරුව අගය කරමින්, කණ්ඩායම් කළමනාකාරීත්වය සහ ජාතික තේරීම් කමිටුව ඒකාබද්ධව ඔහුගේ මෙම ඉල්ලීමට එකඟ වූ බව පාකිස්ථාන ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය එක්වන තුන්කොන් තරගාවලියේ දී පාකිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස කටයුතු කළ සයිම් අයූබ් තරග තුනකට ක්‍රීඩා කරමින් රැස්කරගෙන ඇත්තේ ලකුණු 21ක් පමණයි.