රඹුක්කන සිට පේරාදෙණිය – ගම්පොළ දක්වා නැවත දැනුම්දෙන තුරු දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ අධිකාරී (ගමනා ගමන) අසංක සමරසිංහ පවසනවා.
කඩිගමුව දුම්රිය ස්ථානය අසල නාය යෑමක් සක්රීය වී තිබීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය නොකරන බවයි ඔහු සඳහන් කළේ.
සක්රීය වී තිබූ නාය ඉවත් කිරීම සඳහා පසුගිය සති අන්තයේ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට පේරාදෙණිය – ගම්පොළ දක්වා දුම්රිය ධාවනය කිරීම නවතා දැමුණා.
කෙසේ වෙතත් සක්රීය වී ඇති නායයෑම තව දුරටත් පැවතීමේ හේතුවෙන් මෙලෙස නැවත දැනුම්දෙන තුරු රඹුක්කන සිට පේරාදෙණිය – ගම්පොළ දක්වා දුම්රිය ධාවනය නොකරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරීවරයා මාධ්ය හමුවක් පවත්වමින් අද (26) පෙරවරුවේ දැනුම් දුන්නේ.
