කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ජීවිත අනතුරේ?

”කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දමමු” යනුවෙන් මුහුණු පොතේ පළ වූ පෝස්ටුවක් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (02)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්‍යක්ෂකවරයාට පැමිණිලි කර තිබෙනවා.

ඉසුරු සුරවීර යන පුද්ගලයෙක් මෙම පෝස්ටුව මුහුණු පොතේ ඊයේ (01) පළ කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පාතාලයේ ප්‍රබලයන් දෙදෙනෙකු වන හොකී කටා සහ කුඩු සළිදු සම්බන්ධයෙන් ලබා දුන් නියෝග සම්බන්ධයෙන් විවේචනය කරමින් මින් පෙර ද අවස්ථා ගණනාවක දී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මරණ බව කියමින් තර්ජනාත්මක ලිපි යොමු කර තිබූ අතර ඊට අදාළ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව තර කිරීමටයි පියවර ගැනුණේ.

”මෝඩාභිමානය” නමැති ප්‍රහසන වැඩසටහනක දී බෞද්ධාගමට අපහාස වන අයුරින් අදහස් දක්වමින් වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරි බව කියන නතාෂා එදිරිසූරියට අසත්‍ය චෝදනා යටතේ නඩු පැවරීම හේතුවෙන් මෙම පෝස්ටුව පළකර ඇති අතර මහේස්ත්‍රාත්වරයා සහ ඔහුගේ පවුලේ අය මරා දැමීමට මෙම පුද්ගලයා ඉන් යෝජනා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
74
+1
38
+1
8
+1
26
+1
10
+1
17
Subscribe
Notify of
7 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනාගෙන් උගන්ඩා අක්කට සැර හින්ට් එකක්..Underwear එකේ ඉදන් අරන් තියෙන්නේ ණයට නේද?
03:37
Video thumbnail
මෝ#යෙක් නොවී වාඩිවෙනවා ඕයි..කෝට්බෝට් දාන් හිටියට තමුන් මහ හොරෙක්..චමින්දගෙන් මහින්දට සැර සත්තමක්
02:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ වැඩිමහල් දියණිය අත්අඩංගුවට..Mask එකත් දාගෙන යන හැටි
01:31
Video thumbnail
මහින්දගේ නම ඇහුනම ගොඩක් අයට මූත්‍රා යනවා..අර්චුනාගෙන් සැර කින්ඩියක්
01:08
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32


?